Monday, October 28, 2013

Collaborative Learning

අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව 2009 - 2011
ගුරු බලවන්තකරන දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය  - මහරගම.

ගුරු ශිෂ්‍යාගේ නම         :  ආර්. එම්. විෙජ්දාස
ශිෂ්‍ය ලියාපදිංචි අංකය   : BE/09/S/S/0378
ප්‍රාදේශීය මධ්‍යස්ථානය  :  නුවරඑළිය
විෂය                            :  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව
පැවරුම                        :  අනාවරණ පාදක ඉගෙනුම (Discovery Based Learning)


අනාවරණ පාදක ඉගෙනුම (Discovery Based Learning)
හැඳින්වීම.

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ අනාවරණ පාදක ඉගෙනුමට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. මෙම අනාවරණ පාදක ඉගෙනුම ගවේෂණ පාදක ඉගෙනුම යන නමින්ද හඳුන්වනු ලැබේ. මෙය විමසීම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමයකි. ප්‍රගතිගාමී අධ්‍යාපන ක්‍රමයක් ලෙස මෙම ඉගෙනුම් ක්‍රමය අද පිළිගනු ලබයි. තවද ඉතා ජනප්‍රිය ඉගෙනුම් ක්‍රමයක් මෙන්ම වඩාත් ඵලදායි ඉගෙනුම් ක්‍රමයක් ලෙසද අනාවරණ පාදක ඉගෙනුමට ලැඛෙනුයේ ප්‍රමුඛස්ථානයකි. යම් ශිෂ්‍යයෙකුට ඉගෙනුම් ගැටළුවකදී නිසි පිළිතුරු නොසැපයූ අවස්ථාවක ශිෂ්‍යයා විසින්ම එම පිළිතුර ලබා ගැනීමට, සොයා ගැනීමට මෙහෙයවීම අනාවරණ පාදක ඉගෙනුම් සිද්ධාන්තය වේ.

අනාවරණ ඉගෙනුම බොහෝවිට භාවිතා කරනු ලබන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය සිසුන්ට ඇතිවන්නා වූ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීම සඳහාය. ශිෂ්‍යයා තම අත්දැකීම් සහ පෙර දැනුම භාවිතයට ගනිමින් අනාවරණ පාදක ඉගෙනුමට ප්‍රවේශය සලසා ගනු ලබයි. ඒ සඳහා ඔවුන් දැනුම ලබා ගනු ලබන්නේ පරිසරය තුලින්, ගවේෂණය තුලින්, විවිධ පර්යේෂණ අවස්ථා තුලින් සහ විවිධ උපකරණ භාවිතය තුලින් ලබන අත්දැකීම් පාදක කරගෙනය.

අනාවරණ පාදක ඉගෙනුම ඉතා ඵලදායි සහ සාර්ථක අධ්‍යාපන ක්‍රමයකි. එසේම ශිෂ්‍ය කේන්ද්‍රිය :ීඑමාැබඑ ක‍ැබඑැරා- අධ්‍යාපනය තුළ ඉතා ප්‍රබල ඉගෙනුම් ක්‍රමයකි. මෙම ක්‍රමය තුලදී ගුරුවරයා විසින් සිසුන්හට ගැටළුවක් විසඳා ගැනීමට සෘජු උපදෙස් ලබාදීමක් සිදු නොකරයි. ගුරුවරයාගේ මඟ පෙන්වීම සහ සපයන මූලාශ්‍ර ඔස්සේ සිසුන් ක්‍රියාත්මක වීමේ ස්වරූපය හඳුනාගත හැකිවෙයි. අනාවරණ පාදක ඉගෙනුම් ක්‍රමය පංති කාමරයේදී හෝ ඉන් බැහැරව ඉතා සාර්ථක ඉගෙනුම් ක්‍රමයක් ලෙස භාවිතා කළ හැක්කේ ප්‍රායෝගික විෂය ධාරාවන් සඳහා බව හඳුනාගත යුතු වේ. එහිදී ගණිතය, සංගීතය, නර්තනය, පරිඝනක හා තොරතුරු තාක්ෂණය වැනි විෂයන් ප්‍රමුඛ වන බව පෙනේ.


 අධ්‍යාපනඥ ජෙරොම් බර්නර් (Jerome Burner) පවසන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දී සිසුන් සංකල්ප මතක තබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බවයි. එසේ වීමට නම් ශිෂ්‍යයාව ගවේෂණයක යෙදීමේ ඇති වැඳගත් කමත් ඒ තුලින් අදාල සංකල්ප ස්වයං අනාවරණයට මග සලසා ගැනීම ඉතා වැඳගත් වන බවත් ඔහු පවසයි. එහිදී එම ක්‍රියාවලිය තවත් පැහැදිලි කරන න‍ැරදපැ පවසන්නේ සිසුන් විසින් යමක් සොයා ගැනීම තුලින්, අත්හදා බැලීම තුලින්, පරීක්ෂා කිරීම තුලින් හෝ ප්‍රායෝගිකව ඉටු කිරීම් තුලින් අනාවරණ පාදක ඉගෙනුමට මග සලසා ගත යුතු බවයි. තවද අනාවරණ පාදක ඉගෙනුම් ක්‍රමය තුල ශිෂ්‍යයින්ගේ ප්‍රායෝගික කුසලතා කොතෙක් දුරට භාවිතා කිරීම තුලින් ඉහල ඵලයක් ලබා ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න එඩ්ගාර් ඩේල් ගේ ඉගෙනුම් කේතුව හෙවත් The Learning Pyramid අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වනු ඇත.

  
               අනාවරණ පාදක ඉගෙනුමට
               ප්‍රවේශය ගොඩ නැගෙයි.                       
                      
   
ඉහත අවස්ථාවට උදාහරණයක් ලෙස පංති කාමරය තුල ගුරුවරයෙක් විද්‍යා විෂය ඉගැන්වීමේදී යම් පර්යේෂණයක් ඉටු කරනවා නම් ඒ සඳහා සිසුන් යොදවා ගනිමින්, සිසුන් ලවා ඉටු කරවයි නම් එම පාඩම ඉතා සාර්ථක වන බවත් ඒ තුලින් සිසුන් අනාවරණ පාදක ඉගෙනුමට ලක්වන බවත් පෙන්වා දිය හැකිය.

   



තවද මේයර් (Mayor) නැමැති අධ්‍යාපනඥයා ප්‍රකාශ කරනු ලබන්නේ ශිෂ්‍යයා සම්බන්ධ කර නොගනිමින් යම් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නේ නම් එය ඛෙහෙවින්ම අසාර්ථක වන බවයි. තවද බොහෝ අධ්‍යාපනඥයින්ගේ අදහස වන්නේ ඉගෙනීමේ ක්‍රියාවලිය තුළ නිරත වන්නන්ට මග පෙන්වීම තුළින් ආත්ම විශ්වාසය ගොඩනැගෙන බවත් ඉන් පසුව අනාවරණ පාදක ඉගෙනුම් ක්‍රමය භාවිතය තුලින් ඉගෙනුම් ක්‍රියාවලියේ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැකි බවයි. නිරාවරණ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ලෙස අපට හඳුනාගත හැකි වන්නේ සිසුන් ඒ සඳහා පූර්ව දක්ෂතාවයක් ලබා නොතිබීමයි. නමුත් අනාවරණ අධ්‍යාපන ක්‍රමය මෙහිදී අපට වැඳගත් වන්නේ සිසුන්ට මග පෙන්වීම තුලින් සහ ඔවුන් පෙරදී අත්පත් කරගත් දැනුමද එකතුකොටගෙන සාර්ථක ඉගෙනුම් ප්‍රවේශයකට ඔවුන් අවස්ථාව සලසා ගනු ලබන නිසයි.
 

ගුණාත්මක භාවයෙන් යුතු ඉගෙනුම් අත්දැකීම් සඵල කරගැනීම සඳහා වැඩි දියුණු කල අනාවරණ පාදක ඉගෙනුම ශිෂ්‍යයින්ට උදව්වේ. මෙහිදී ගුරුවරයා ශිෂ්‍යයින්ට දැනුම (Knowledge) ලබාදීම පමණක් නොව ශිෂ්‍යයාට මඟ පෙන්වන්නෙක් සහ මැදිහත්කරුවෙකු (Knowledge) ලෙසද අනාවරණ පාදක ඉගෙනුමකට මග සලසා දෙනු ලබයි. එහිදී ශිෂ්‍යයින්ට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට, සංවාදගත කිරීමට අවස්ථාව සලසා දිය යුතුවීම වැඳගත් වේ. තවද ශිෂ්‍යයින්ගේ අභිරුචිය මත අදාල ශිෂ්‍ය පාදක ක්‍රමවේද අනුගමනය කිරීමට ද අනාවරණ පාදක ඉගෙනුම් ක්‍රමය තුළ අවස්ථාව ලබාදිය යුතු අතර ඒ තුලින් සිසුන් තුළ තීරණ ගැනීමේ ශක්තියද සංවර්ධනය කර ගැනීමට හැකිවීම අනාවරණ ඉගෙනුම් ක්‍රමය තුලින් අප බලාපොරොත්තු වන ප්‍රබල වාසියක් වනු ඇත.

    අනාවරණ පාදක ඉගෙනුම, ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාවය කෙරෙහි කෙතරම් ප්‍රබල අයුරින් දායක වේද යන්න Combining Bruner සහ Ansubel දෙදෙනා නිපුනතා පාදක අධ්‍යයනයේදී භාවිතයට සුදුසු ඵලදායි ඉගෙනුම් න්‍යාය (Effective Learning Concept) තුලින් අනාවරණය කොට ඇත.


ඵලදායි ඉගෙනුමකට අනාවරණ පාදක ඉගෙනුම බලපාන අයුරු.
                    
                             
     
ඉහත රූප සටහන ඉතා මැනවින් අධ්‍යයනය කිරීමේදී අපට වැටහී යනු ලබන්නේ සිසුන් සෑම විටම අනාවරණ පාදක ඉගෙනුමකට ප්‍රවේශගත වේ නම් ඔවුන් සෑම විටම අර්ථපූර්ණ ඉගෙනුමක් හෙවත් ඵලදායි ඉගෙනුමක්
(Meaningful Learning) - අත්පත් කර ගන්නා බවයි.




                අනාවරණ පාදක ඉගෙනුම පංති කාමරයට යොදවා ගත හැකි ආකාරය

01.    විෂයානුබද්ධ මාතෘකාවක් හෝ විවාදිත කරුණක් හඳුනා ගැනීම.
         උදාහරණ :         චුම්බක පිළිබඳව අපට සොයාගත හැකි කරුණු මොනවාද ?
                                  පරිඝනක පරම්පරා (Computer Generation) තොරතුරු සොයන්න?
02.    යම් මාතෘකාවක් ගවේෂණය කිරීම සඳහා ගුරුවරයා හා සිසුන් එක්ව බුද්ධිකලම්බනයක් ඇතිකර  
          ගැනීමට.
03.    යම් විෂය කරුණක් සම්බන්ධව දත්ත රැස්කිරීමට හා අර්ථ කථනය කිරීමට සිසුන් තනි තනිව                           හෝ කණ්ඩායම් වශයෙන් යොමුකරවා ගැනීමට.
04.    යම් විෂය සංකල්පයක් පිළිබඳව අවශ්‍ය මූලාශ්‍ර ඔස්සේ ගමන් කරමින් ස්වයං  අවබෝධයක් ලබා ගැනීමට.
05.    වඩාත් නිවැරදි, විශ්වාසදායි සහ ගුණාත්මක බවින් යුතු තීරණවලට එලඹීමට.


   අනාවරණ පාදක ඉගෙනුම් වාසි

01.    සිසුන් ක්‍රියාකාරී ලෙස සහ ප්‍රබෝධමත්ව ඉගෙනුම් ක්‍රියාවලියෙන් නිරත වීම.
02.    මේ සඳහා යොදාගන්නා ක්‍රියාකාරකම් සාමාන්‍ය පංති කාමරයක අභ්‍යාස පොත් හා පෙලපොත්   ඉගෙනීමට වඩා අර්ථවත් වීම.
03.    මෙහිදී සිසුන් ලබා ගන්නා පරීක්ෂණ හා ප්‍රත්‍යාවර්තන කුසලතා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ වෙනත් විවිධ අවස්ථාවන් වල භාවිතයට ගත හැකිවීම.
04.    සිසුන් අදාල සන්දර්භය තුලින් නව කුසලතා හා උපාය මාර්ග ඉගෙනීමට පෙළඹීම.
05.    මෙම ප්‍රවේශය සිසුන්ගේ පෙර දැනුම හා අත්දැකීම් මත ගොඩනගා ගනිමින් ක්‍රියාත්මක කිරීමට හැකිවීම.
06.    ඉගෙනුම් කි්‍රයාවලියෙහි ස්වාධීනත්වය දිරි ගැන්වීම.
07.    නව සංකල්ප හා තොරතුරු සිසුන් විසින්ම අනාවරණය කර ගැනීමට සහය වීම.
08.    තමා විසින්ම තමා ඇගයීමට ලක්කර ගැනීමට හැකියාව ඇති වීම. 
09.    ගුණාත්මක බරින් යුතු නිර්මාණශීලි, තාර්කිකක හා සමාජ හැකියාව සංවර්ධනය වීම.
10.    අර්ථපූර්ණ ඉගෙනුමකට පසුබිම් නිර්මාණය වීම.


 අනාවරණ ඉගෙනුම් ක්‍රමයේ අවාසි

01.    අනාවරණ පාදක ඉගෙනුමට ගතවන කාලය වැඩි වීම.
02.    තොරතුරු සපයා ගැනීමට සෘජු ඉගැන්වීමට වඩා කාලයක් ගතවීම.
03.    සම්පත් බහුල ඉගෙනුම් පරිසරයක් බොහෝ විට අවශ්‍ය වීම.
04.    අනාවරණ පාදක ඉගෙනුම් ක්‍රමය තුළින් ඵලදායි වාසි අත්පත් කර ගැනීමට නම් සිසුන් තුල ප්‍රමාණවත්  සාක්ෂරතාවක්, සංඛ්‍යා හැකියා, නිදහස් අධ්‍යයන කුසලතා හා ස්වයං කළමණාකරණ කුසලතා තිබිය යුතු වීම.
05.    සිසුන් සොයාගත් දැනුම නිසිලෙස අර්ථකථනය කර ගැනීමට නොහැකි උවහොත්  ඔවුන්ගේ ඉගැන්වීම සීමිත විය හැකි වීම.
06.    සිසුන් කි්‍රයාකාරිවීම ඉගෙනුම් කි්‍රයාවලියට සහභාගි වුවත් වැදගත් සංකල්ප නීතිරීති හෝ මූලධර්ම යනාදිය නිවැරදිව අවබෝධ කරගත නොහැකි වීම.
07.    බොහෝමයක් ගුරුවරුන්ටද මෙම අනාවරණ ඉගෙනුම් ක්‍රමය පිලිබඳව අවබෝධය අඩුවීම නිසා සිසුන්ට ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිඵල අත්පත් නොවීම.

අනාවරණ පාදක ඉගෙනුම් ප්‍රවේශය පිළිබඳව ඉහතින් දක්වන ලද  සියලූම කරුණු විමර්ශනයට ලක් කිරීමේදි අපට අනාවරණය කර ගත හැකි කරුණු වන්නේ යම් විෂය ක්ෂේත්‍රයක හෝ විෂය සංකල්පයක ඉගෙනුම් ඵලය කි්‍රයාවලියක් ලෙස ලබා ගැනීමේදි වැදගත් උවද එය නිපයුමක් ලෙස පිළිගැනීම එතරම් සුදුසු නැති බවයි.

4 comments:

  1. හොඳ අනාවරණයක්...සුබ පැට්ගුම්..

    ReplyDelete
  2. මගපෙන්වන ලද අනාවරණ ක්‍රමය යනු කුමක්ද?

    ReplyDelete
  3. ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. සුබ පැතුම්

    ReplyDelete
  4. පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි

    ReplyDelete